බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 10:14

ගාසා සටන් විරාමයකට යෝජනා සම්මතයි Featured

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හදිසි යෝජනාවක් සම්මත කරගෙන ඇත.

ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා රටවල් 153ක් පක්‍ෂව ඡන්දය පාවිච්චි කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් 10ක් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත. බි්‍රතාන්‍යය සහ ජර්මනිය ඇතුළු රටවල් 23ක් ඡන්දය විමසන අවස්ථාවේ සහභාගි වී නැත.

ගාසා තීරයේ ආරම්භ වූ ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ගැටුමින් මේ දක්වා පලස්තීන ජාතිකයන් 18,000 අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

එසේම මෙම ගැටුම් නිසා දරුවන් සහ කාන්තාවන් 70% අධික පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LD

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website