බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 10:17

සමුළුවේ විරෝධතා දැක්වූ ඉන්දීය ළමා ක්‍රියාකාරිනිය නෙරපයි Featured

මිහිතලය උණුසුම් වීමෙන් වළක්වා ගැනීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතය අවසන් කරන ලෙස සඳහන් විරෝධතා පුවරුවක් ප්‍රදර්ශණය කරමින් ඩුබායි නගරයේ ‘කෝප් – 28’ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වූ ශාලාවේ විරෝධතාවයක නිරත වූ 12 හැවිරිදි

ඉන්දීය දේශගුණය සම්බන්ධ ක්‍රියාකාරිකාවක් වන ලුසිප්‍රියා කන්ගුජම් සමුළු ශාලාවෙන් ඉවත් කිරීමට සංවිධායකයන් විසින් පසුගිය (11දා) පියවර ගෙන තිබේ. ‘ෆොසිල ඉන්ධන භාවිතය අවසන් කර අපගේ මිහිතලය හා අනාගතය ආරක්ෂා කරන්න’ යනුවෙන් සඳහන් විරෝධතා පුවරුවක් සිය හිසට ඉහළින් ඔසවමින් ලුසිප්‍රියා උද්ඝෝෂණයේ යෙදී තිබේ.

ලුසිප්‍රියාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමුළුවට සහභාගී වූ නියෝජිතයන් අත්පොළසන් දී ඇති අතර එම අත්පොළසන් හඬ මධ්‍යයේ තමාව සමුළු ශාලාවෙන් විනාඩි 30කට අධික කාලයක් ඉවත් කර තැබීමට සංවිධායකයන් පියවර ගත් බව ඇය රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. සිය ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ලුසීප්‍රියා සඳහන් කර ඇත්තේ තමා වැනි වූ ලොව පුරා වෙසෙන ළමුන් මිලියන ගණනකගේ ජීවිත මෙම ෆොසිල ඉන්ධන හේතුවෙන් නැති වී යන බැවින් සියලු රටවල රජයන් එකතු වී එම ඉන්ධන නිෂ්පාදනය හා භාවිතය නතර කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතු බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website