සිකුරාදා, 15 දෙසැම්බර් 2023 10:07

ඉන්දීය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ හත් දෙනකුගේ සේවය නවතයි Featured

පෙරේදා (13දා) දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුව වන ලෝක් සභාවට දුම් බෝම්බ රැගෙන තරුණයන් දෙදෙනකු කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක් සභා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ සේවකයන් හත් දෙනකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය යෙදී තිබුණු පෙරේදා (13දා) දිනයේ සිදු වූ අදාළ දුම් බෝම්බ සිද්ධිය පාර්ලිමේන්තු ආරක්ෂක පද්ධතියේ දැවැන්ත බිඳ වැටීමක් බව ඉන්දීය රජයේ අදහස වී තිබේ.

පෙරේදා දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ඉන්දීය රජයේ ප්‍රබල ඇමැතිවරුන් සමග ඊයේ (14) සාකච්ඡා කර තිබූ අතර ඉන්දීය විපක්ෂයට අයත් දේශපාලන පක්ෂ විසින්ද ඒ සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website