ජාත්‍යන්තර පුවත්

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:35

ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට

මුහුණු ආවරණ පැළඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ(10) සජීවීව විකාශන කටයුතු සිදු කරන ඉක්වදෝරයේ රජයේ රූපවාහිනී ආයතනයකට කඩා වැදී එහි කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් එරට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

වසර ගණනක් මුළුල්ලේ පැවැති ජාතික මට්ටමේ විවාදවලින් පසු දකුණු කොරියාවේ සම්ප්‍රදායයක් වන ආහාරය සඳහා බල්ලන් බෝ කිරීම හා මරා දෑමීම තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ (09දා) පනතක් සම්මත කරගෙන තිබේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (08දා) එල්ල කරන ලද ප්‍රහාරයකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරිවරයෙකු වූ විස්සම් ටව්ල් හා තවත් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ ඇවිලී පවතින සටන් නිම වීමෙන් පසු පලස්තීන ජාතිකයන්ට නැවත එම තීරයේ තිබෙන සිය නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙම දිනවල මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.

අප්‍රිකාව, යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනක අනුගාමිකයන් සිටින ප්‍රකට නයිජීරියානු දේවගැතිවරයකු වන නැසී ගිය ටිබි ජොෂුවා දේවගැතිවරයා වසර ගණනක් මුළුල්ලේ සිය අනුගාමික කාන්තාවන් හා කුඩා ළමුන් විශාල පිරිසක් දූෂණයට හා ලිංගික හිංසනයට ලක් කර ඇති බව

බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් පාලක පක්ෂය වන අගමැතිනි ෂෙයික් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගය ජයග්‍රහණය කළේය. ඒ අනුව ෂෙයික් හෂීනා සිව්වැනි වරටත් බංග්ලාදේශ අගමැතිනිය ලෙස තේරීපත් වූවාය.

ඉරිදා, 07 ජනවාරි 2024 10:09

චීනයේ මැද මිදුල

මැද මිදුලක් සහිත නිවාස ශ්‍රී ලාංකික අපට අමුත්තක් නොවේ. චීනයේ මෙම මැද මිදුල් සහිත නිවාස ඉදිකිරීම මිං (1368.1644) සහ කිං (1644.1911) රාජවංශ පාලන සමයේදී දක්නට ලැබුණ බැව් නැන්වැං විශ්වවිද්‍යාල ජර්නලය මගින් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාවක දැක්වෙනවා.

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි.

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අයත් ‘යියොන්ප් යෙයොන්ග්’ දූපත වෙත විශාල තුවක්කුවක් හරහා ෂෙල් වෙඩි ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් ඊයේ (05) යොමුකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක හමුදාවන් විසින් නිවේදනය කර තිබේ.

සෙනසුරාදා, 06 ජනවාරි 2024 10:15

ජපන් භූමිකම්පාවලින් 242ක් අතුරුදන්

ඉකුත් සඳුදා මුළුමහත් ජපානයම කම්පාවට පත් කරමින් බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවලින් මියගිය, සංඛ්‍යාව ඊයේ (05) වන විට 92 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 242 දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website