බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:35

ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට Featured

මුහුණු ආවරණ පැළඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ(10) සජීවීව විකාශන කටයුතු සිදු කරන ඉක්වදෝරයේ රජයේ රූපවාහිනී ආයතනයකට කඩා වැදී එහි කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් එරට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

තුවක්කුකරුවන් පිරිස කඩා වැදීම හේතුවෙන් රුපවාහිනී සේවයේ සියලු සජීවි විකාශන කටයුතු නතර කිරීමට රූපවාහිනි බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයේ ගුවායක්විල් නගරයේ සිට සජීවි වැඩසටහන් ඉදිරිපත් කරන රජයේ රූපවාහිනි නාළිකාවක් වන ‘සී’ රූපවාහිනී ආයතනයට කඩා වැදී ඇති අදාළ තුවක්කුකරුවන් පිරිස රූපවාහිනියේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට තර්ජනය කරමින් ඔවුන්ට බිම දිගාවීමට සලස්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද මෙම සිදුවීමෙන් පසු පොලිස් නිලධාරින් පැමිණ තුවක්කුකරුවන්ගෙන් රූපවාහිනී කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති අතර තුවක්කුකරුවන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන් රූපවාහිනි කාර්ව මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර තුවක්කුකරුවන් පිරිස රූපවාහිනී ආයතනයට කඩා වැදීමට මුල්වූ හේතුව අනාවරණය වී නොමැත. දරුණු අපරාධකරුවකු බන්ධනාගාරයෙන් පලා යෑම හේතුවෙන් ඔහුව කොටු කර ගැනීම සඳහා ඉක්වදෝර රජය විසින් දින 60 ක හදිසි නීතියක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙම සිද්ධිය සිදු වී තිබේ. එහෙත් එසේ පලා ගිය අපරාධකරු හා රූපවාහිනි ආයතනයට කඩා වැදුණ තුවක්කුකරුවන් පිරිස අතර සම්බන්ධතාවයක් පවතීද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website