බදාදා, 10 ජනවාරි 2024 12:02

ආහාරයට බල්ලන් මැරීම දකුණු කොරියාවේ තහනම් Featured

වසර ගණනක් මුළුල්ලේ පැවැති ජාතික මට්ටමේ විවාදවලින් පසු දකුණු කොරියාවේ සම්ප්‍රදායයක් වන ආහාරය සඳහා බල්ලන් බෝ කිරීම හා මරා දෑමීම තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ (09දා) පනතක් සම්මත කරගෙන තිබේ.

අදාළ පනත මගින් බල්ලන්ගේ මාංශ යොදාගෙන සකස් කළ හා නිපදවු ආහාර වර්ග බෙදාහැරීම හා අළෙවිය සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව දකුණු කොරියානු පාර්ලිමේන්තුව පවසයි. කෙසේ වුවද මෙසේ අලුතින් සම්මත කරගෙන ඇති පනත හරහා බල්ලන්ගේ මාංශ හා ඒ ආශ්‍රිත ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට දඬුවම් නියම කිරීමක් යෝජනා කර නොමැති අතර එය ප්‍රධාන ,වශයෙන්ම බල්ලන් බෝකරන ගොවීන් හා එම බල්ලන් අලෙවි කරන්නන් ඉලක්ක කරගෙන සකස් කර ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි. මෙම පනත යටතේ ආහාරයට බල්ලන් මරා දමන පුද්ගලයෙකුට වසර තුනක සිරදඬුවමක් හෝ දකුණු කොරියානු වොන් මිලියන 30 ක දඩයක් නියම කිරීමට යෝජනා කර තිබේ. බල්ලන්ගේ මාංශ ආහාරයට ගැනීම කලක් මුළුල්ලේ දකුණු කොරියානු සමාජයේ සම්ප්‍රදායයක්ව පැවැතියද එය පසුගිය දශකවලදී දැඩි ලෙස වෙනස්ව එයට එරෙහි සමාජ මතයක් ගොඩනැගී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website