බදාදා, 10 ජනවාරි 2024 11:29

ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයෙක් මරුට Featured

ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් පෙරේදා (08දා) එල්ල කරන ලද ප්‍රහාරයකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරිවරයෙකු වූ විස්සම් ටව්ල් හා තවත් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පෙරේදා දිනයේ ලෙබනනයේ අල් ඩබ්ෂා ප්‍රදේශයේ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් දෙදෙනා ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ලෙබනනයේ රජයට අයත් ජාතික පුවත් සේවය විසින් වාර්තා කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් හිස්බුල්ලා සාමාජිකයන් ගමන්ගත් මෝටර් රථය මහා මාර්ගයෙන් පිටතට විසී වී ගොස් ඇති අතර එම රථය ගිනි ගෙන විනාශ වී ගොස් ඇතැයි වාර්තා වී තිබේ. ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් ඇවිලීමෙන් පසු එයට මැදිහත් වී කටයුතු කරන ඉරානයේ සහය ලබන හෙස්බොල්ලා සංවිධානයට අයත් සාමාජිකයන්ගෙන් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය ඉහළම සාමාජිකයා විස්සම් ටවිල් සේ සැළකේ. ටවිල් හිස්බුල්ලා සංවිධානයට,අයත් රඩ්වාන් හමුදාවේ නියෝජ්‍ය නායකයා වන අතර ඔහුව ඝාතනය කිරීම,සම්බන්ධයෙන් ඊශ්‍රායලය,විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website