අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:54

පලස්තීනුවන් ගාසා තීරයේ පදිංචි කළ යුතුයි -ඇමෙරිකාව Featured

ගාසා තීරයේ ඇවිලී පවතින සටන් නිම වීමෙන් පසු පලස්තීන ජාතිකයන්ට නැවත එම තීරයේ තිබෙන සිය නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙම දිනවල මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.

ගාසා තීරයේ පවතින සටන් නිම වීමෙන් පසු එම තීරයේ සිටි පලස්තීන ජාතිකයන් වෙනත් ස්ථානවල පදිංචි කරවිය යුතු බවට ඇතැම් ඊශ්‍රායල ඇමැතිවරුන් විසින් කර ඇති ප්‍රකාශයන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් මෙහිදී හෙළා දැක තිබේ.

සිය මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා සවුදි අරාබියේ නායකයන් සමග ගාසා තීරයේ පවතින සටන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පිරිසක් මියගොස් ඇති අතර ඉන් බොහොමයක් කාන්තාවන් හා ළමුන් බව වාර්තා වී තිබේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website