අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:51

ලොව ප්‍රකට දේවගැතිවරයකුට ස්ත්‍රී දූෂණ චෝදනා Featured

අප්‍රිකාව, යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනක අනුගාමිකයන් සිටින ප්‍රකට නයිජීරියානු දේවගැතිවරයකු වන නැසී ගිය ටිබි ජොෂුවා දේවගැතිවරයා වසර ගණනක් මුළුල්ලේ සිය අනුගාමික කාන්තාවන් හා කුඩා ළමුන් විශාල පිරිසක් දූෂණයට හා ලිංගික හිංසනයට ලක් කර ඇති බව

බීබීසී ප්‍රවෘත්ති සේවාව මගින් සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. 2021 වසරේදී හෙළි නොකළ හේතුවක් මත මියගොස් ඇති 57 හැවිරිදි වියෙහි පසුවූ ජොෂුවා දේවගැතිවරයා නයිජීරියාවේ ලේගෝස් අගනුවර සියලු ජාතීන්ගේ පල්ලිය නමින් දේවස්ථානයක් ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇති අතර දේව බලයෙන් රෝග සුවපත් කිරීමේ හා ජනතාවට දියුණු වීමට උපකාර කරන සේවාවක් පවත්වාගෙන යෑම හේතුවෙන් අප්‍රිකානු මහාද්වීපය පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි දේවගැතිවරයෙකි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website