අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:49

ෂෙයික් හෂීනා සිව්වැනි වරටත් බංග්ලාදේශයේ බලය අල්ලයි Featured

බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් පාලක පක්ෂය වන අගමැතිනි ෂෙයික් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගය ජයග්‍රහණය කළේය. ඒ අනුව ෂෙයික් හෂීනා සිව්වැනි වරටත් බංග්ලාදේශ අගමැතිනිය ලෙස තේරීපත් වූවාය.

එරට ප්‍රධාන විපක්ෂය ඡන්දය වර්ජනය කළ මොහොතේම ප්‍රතිඵලය තීරණය වූ මැතිවරණයක් වූ බංග්ලාදේශ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට විපක්ෂයක් සොයා ගැනීමේ ගැටලුවක් ද නිර්මාණය වී ඇත.

හෂීනාගේ අවාමි ලීගය ආසන 222ක් දිනාගත් අතර වත්මන් විපක්ෂය වන ජාතික පක්ෂයට පාර්ලිමේන්තු ආසන 300 න් 11 ක් පමණක් ලැබීම සහ ස්වාධීන අපේක්ෂකයන් ආසන 63ක් ලබා ගැනීම විශේෂත්වයකි.

ෂෙයික් හසිනා මහත්මියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ තම සුබ පැතුම් පිරිනැමීය

එම මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කිරීමට සමත් විය. බටහිර නගරයේ මගුරා මැතිවරණ කොට්ඨාසයේ දී සිය ප්‍රතිවාදියා ඡන්ද 150,000 කට වඩා වැඩි පරතරයකින් පරාජය කළ 36 හැවිරිදි ෂකීබ් අල් හසන් තරග කළේද අගමැතිනි ෂීක් හෂීනා නායකත්වය දුන් අවාමි ලීගයෙනි.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් ෂකීබ් පැවසුවේ මැතිවරණයට පෙර තමාට විශාල බාධක කිසිවක් නොපෙනුණු බවයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website