ජාත්‍යන්තර පුවත්

දකුණු ගාසා තීරයේ පිහිටි කාන් යුනිස් නගරයේ පිහිටුවා ඇති යුද්ධයෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට නේවාසික පහසුකම් සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මධ්‍යස්ථානයකට එල්ල වු ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් තවත් 75 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනය පවසයි.

සෙනසුරාදා, 27 ජනවාරි 2024 12:50

රුසියානු ගුවන් අනතුර තවම අබිරහසක්

ඉකුත් 24 වැනිදා රුසියානු -යුක්‍රේන දේශසීමාව ආසන්නයේදී මගීන් 74 දෙනකු සමග කඩාවැටී විනාශ වූ රුසියාවට අයත් යුද ප්‍රවාහන ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක් වූයේද නැතහොත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටුණේද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

රුසියානු හමුදාවන්ට අයත් ‘ඉලියුෂින් -76’ වර්ගයේ යුද ප්‍රවාහන ගුවන් යානයක් රුසියානු-යුක්‍රේන දේශසීමාවේ පිහිටි කලාපයකට ඊයේ (24) කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් 74 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

යේමනයේ සිටින ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගේ කඳවුරුවලට පහර දීම අරඹා ඇති ඇමරිකානු හමුදාවන් ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ‘කටයිබ් හෙස්බොල්ලා’ ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයකට අයත් කඳවුරු තුනකට ද පෙරේදා(23) ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායලයට අයත් කලාපයේ කඩා දැමීමට නියමිතව තිබූ ගොඩනැඟිලි දෙකකට පෙරේදා (22දා) සවස එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් හේතුවෙන් එම ගොඩනැඟිලිවල සිටි ඊශ්‍රායල හමුදා භටයන් 21 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

එංගලන්තයට හා අයර්ලන්තයට කඩා වැදී ඇති ‘ඉෂා’ නමැති කුණාටුව හේතුවෙන් හටගත් දරුණු සුළං හේතුවෙන් එම රටවලට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සිය ගණනක් ඉකුත් දින දෙක තුළදී අවලංගු කර ඇති අතර ඇතැම් ගුවන් යානා

අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:47

චීනයේ නායයෑමකින් 45ක් අතුරුදන්

ගිණිකොනදිග චීනයේ යුන්නන් පළාතේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 45ක් පමණ දෙනා අතුරුදන් වී ඇතැයි වාර්තා වී තිබේ. යුන්නන් පළාතේ “සාවොටොන්ග්” නගරයේ ඊයේ (22දා) සවස සාඕටොන්ග් නගරයේ සිදු වූ මෙම නායයෑමෙන් කඩා වැටුණු සුන්බුන්වලට 47 දෙනකු යට වී ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් තිබේ.

පාකිස්තානයේ පැතිර යන නිව්මෝනියාව හේතුවෙන් ළමුන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සදුදා, 22 ජනවාරි 2024 09:16

චීනය පිලිපීනයට දොස් කියයි

තායිවානයේ නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කිරීම සම්බන්ධයෙන් චීනය පිලිපීනයට විරෝධය පළකර තිබේ.

පකිස්ථානයේ ජයිෂ් අල්-ඇඩ්ල් (Jaish al-Adl) නමැති සටන්කාමී කණ්ඩායමට ඉරානය විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ආශ්‍රිතව පවතින ගැටුම් කලාපයෙන් ඔබ්බට පැතිරී යනු ඇතැයි බියක් මතු වී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website