අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:47

චීනයේ නායයෑමකින් 45ක් අතුරුදන් Featured

ගිණිකොනදිග චීනයේ යුන්නන් පළාතේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 45ක් පමණ දෙනා අතුරුදන් වී ඇතැයි වාර්තා වී තිබේ. යුන්නන් පළාතේ “සාවොටොන්ග්” නගරයේ ඊයේ (22දා) සවස සාඕටොන්ග් නගරයේ සිදු වූ මෙම නායයෑමෙන් කඩා වැටුණු සුන්බුන්වලට 47 දෙනකු යට වී ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් තිබේ.

මෙම දිනවල අධික ශීතල දේශගුණයක් පවතින නායයෑම සිදු වූ ප්‍රදේශයේ සුන්බුන්වලට යටවී සිටින පිරිස් මුදා ගැනීමේ කඩිනම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මුදා ගැනීමේ කණ්ඩායම්වලට නියෝග කර තිබේ. මෙම නායයෑමෙන් විපතට පත් වූවන් බහුතරය වැඩිහිටියන් හා කුඩා ළමුන් බව අනාවරණය වී තිබේ. එම නායයෑම දැවැන්ත භූමිකම්පාවක ආකාරයෙන් හටගෙන ඇති අතර ප්‍රදේශයම ඉන් සෙලවීමකට ලක් වූ බව ප්‍රදේශවාසීහු මාධ්‍යයට පවසා තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website