සදුදා, 22 ජනවාරි 2024 09:20

පාකිස්තානයේ දරුවන් අතර නියුමෝනියාව පැතිරෙයි Featured

පාකිස්තානයේ පැතිර යන නිව්මෝනියාව හේතුවෙන් ළමුන් මියයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මරණ පන්ජාබ් පළාතෙන් වාර්තා වෙන බවද සඳහන්ය. එමෙන්ම ලාහෝර් නගරයෙන් නියුමෝනියා රෝගීන් 1062ක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ජනවාරි මාසයේ මේ දක්වා පමණක් ලාහෝර් හි රජයේ රෝහල්වලින් වාර්තාවී ඇති නියුමෝනියා රෝගීන් සංඛ්‍යාව 780 කි.

පන්ජාබ් පළාතෙන් ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති නියුමෝනියා රෝගීන් සංඛ්‍යාව 4900 ක් බව ද සඳහන් ය.

දරුවන් නියුමෝනියාවෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජනවාරි 31 දක්වා පාසල්වල උදෑසන රැස්වීම පැවැත්වීම තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

DN

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website