බදාදා, 24 ජනවාරි 2024 08:35

කුණාටුවක් එංගලන්තයේ – අයර්ලන්තයේ ගුවන් ගමන් නවතයි Featured

එංගලන්තයට හා අයර්ලන්තයට කඩා වැදී ඇති ‘ඉෂා’ නමැති කුණාටුව හේතුවෙන් හටගත් දරුණු සුළං හේතුවෙන් එම රටවලට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සිය ගණනක් ඉකුත් දින දෙක තුළදී අවලංගු කර ඇති අතර ඇතැම් ගුවන් යානා

වෙනත් රටවලට ගොඩබැස්වීමට ගුවන් යානා නියමුවන් විසින් පියවර ගෙන තිබේ. මේ යටතේ අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන් තොටුපළෙන් ගමන් ඇරඹීමට නියමිතව තිබූ ගුවන් ගමන් 166ක් ඉකුත් ඉරිදා දිනයේ ද තවත් ගුවන් ගමන් 29ක් ඊයේ (23) දිනයේ ද අවලංගු කර ඇති බව වාර්තා වී තිබේ.

ඩබ්ලින් ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානා 36ක් වෙනත් ගුවන් තොටුපළවලට හරවා යවා ඇති බව වාර්තා වේ. ඇතැම් ගුවන් ගමන් ඉෂා කුණාටුව හේතුවෙන් යාබද ජර්මනිය හා ප්‍රංශය වැනි රටවලට ද හරවා යවා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website