සෙනසුරාදා, 27 ජනවාරි 2024 12:50

රුසියානු ගුවන් අනතුර තවම අබිරහසක් Featured

ඉකුත් 24 වැනිදා රුසියානු -යුක්‍රේන දේශසීමාව ආසන්නයේදී මගීන් 74 දෙනකු සමග කඩාවැටී විනාශ වූ රුසියාවට අයත් යුද ප්‍රවාහන ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක් වූයේද නැතහොත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටුණේද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

රුසියානු – යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් කලාපයට පෙරේදා කඩා වැටී විනාශ වූ රුසියානු ගුවන් යානයේ ගමන් ගත් රුසියානු හමුදා විසින් අල්ලා ගත් යුක්‍රේන හමුදා භටයන් 65 දෙනකු ඇතුළු මගීන් 74 දෙනාම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් නිකුත් කර ඇති ජායාරූප හා වීඩියෝපටවලට අනුව යානය පොළවට කඩා වැටී ගිනි බෝලයක් වී පුපුරා යන ආකාරය දිස් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රුසියානු බලධාරීන් පවසා ඇත්තේ යුක්‍රේනයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයක් මෙම යානා අනතුරට හේතු වී ඇති අතර යුක්‍රේනය විසින් සිය රටේ යුද සිරකරුවන් 65 දෙනකුද එම ප්‍රහාරයේ ගොදුරු බවට පත් කර ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ යුක්‍රේනයේ කර්කිව් කලාපයේ ලිප්ට්සි ප්‍රදේශයේ තිබෙන ගුවන් යානා නාශක මිසයිල පද්ධතියෙන් නිකුත් වූ මිසයිලයක් හේතුවෙන් අදාළ යානය කඩා වැටී ඇති බවයි. මෙම යානය ගමන් ගන්නා මාර්ගය යුක්‍රේන බලධාරීන් හොඳින් දැන සිටි බවද අමාත්‍යංශය සඳහන් කර තිබේ. මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව යුද සිරකරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවයි. රුසියානු ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව ඔහු ඉල්ලා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website