සෙනසුරාදා, 27 ජනවාරි 2024 12:53

ගාසා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට Featured

දකුණු ගාසා තීරයේ පිහිටි කාන් යුනිස් නගරයේ පිහිටුවා ඇති යුද්ධයෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට නේවාසික පහසුකම් සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් මධ්‍යස්ථානයකට එල්ල වු ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් තවත් 75 දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනය පවසයි.

කාන් යුනිස් නගරයේ සටන් පවතින බටහිර කලාපයේ පිහිටි අදාළ මධ්‍යස්ථානයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයන් දෙකක් හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව ඇතැයි සරණාගත ආයතනය කියයි. මේ අතර සිය ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාරය සිදු නොකළ බව ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කර තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website