සිකුරාදා, 26 ජනවාරි 2024 10:02

රුසියානු යානයක් කඩා වැටීමෙන් 74ක් මරුට Featured

රුසියානු හමුදාවන්ට අයත් ‘ඉලියුෂින් -76’ වර්ගයේ යුද ප්‍රවාහන ගුවන් යානයක් රුසියානු-යුක්‍රේන දේශසීමාවේ පිහිටි කලාපයකට ඊයේ (24) කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් 74 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රියා නොවොස්ටි පුවත් සේවය විසින් වාර්තා කර ඇත්තේ රුසියානු හමුදා භටයන්ට අමතරව එමභටයන් විසින් අල්ලා ගත් යුක්‍රේන හමුදා භටයන් 65 දෙනකු ද අනතුර සිදු වූ ගුවන් යානයේ සිට ඇති බවයි. දකුණු

බෙල්ගොරොඩ් කලාපයට කඩා වැදී මෙම ගුවන් යානය අනතුරට පත් වීමට මුල් වූ හේතුව ඊයේ සවස වන විටද අනාවරණය වී නොතිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website