සිකුරාදා, 26 ජනවාරි 2024 10:00

ඉරාකයේ සන්නද්ධ කඳවුරුවලට ඇමරිකාවෙන් ප්‍රහාර Featured

යේමනයේ සිටින ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගේ කඳවුරුවලට පහර දීම අරඹා ඇති ඇමරිකානු හමුදාවන් ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ‘කටයිබ් හෙස්බොල්ලා’ ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයකට අයත් කඳවුරු තුනකට ද පෙරේදා(23) ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකාවට අනුව මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරයන් එල්ල කර ඇත්තේ අදාළ සන්නද්ධ කණ්ඩායම් විසින් ඉරාකයේ හා සිරියාවේ සිටින ඇමරිකානු හා මිත්‍ර හමුදාවන්ට එල්ල කරන ලද ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙනි. මෙම ප්‍රහාරයන් හෙළා දැක ඇති ඉරාක රජය පවසා ඇත්තේ එය ඉරාකයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බවයි. ඉරාක රජයේ ජාතික ආරක්ෂක උපදේශක කසීම් අල් ආරාජි පවසා ඇත්තේ ඇමරිකාව විසින් මෙම අවස්ථාවේදී කළ යුත්තේ ඉරාකයේ තිබෙන කඳවුරු ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නොව ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කර ඇති යුද්ධය නතර කිරීම සඳහා පීඩනයක් ගොඩ නැගීම බවයි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website