සදුදා, 22 ජනවාරි 2024 09:12

ජයිෂ් අල් – ඇඩ්ල් – ‘යුක්තියේ හමුදාව’ කවුද? Featured

පකිස්ථානයේ ජයිෂ් අල්-ඇඩ්ල් (Jaish al-Adl) නමැති සටන්කාමී කණ්ඩායමට ඉරානය විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ආශ්‍රිතව පවතින ගැටුම් කලාපයෙන් ඔබ්බට පැතිරී යනු ඇතැයි බියක් මතු වී තිබේ.

පකිස්ථාන රජය තහවුරු කර ඇත්තේ, මෙම ප්‍රහාරවලින් දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවය. මෑතකාලීනව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර “කිසිසේත් පිළිගත නොහැකි” බවත්, සිය ගුවන් සීමාව “සාධාරණීකරණය කළ නොහැකි” අයුරින් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් පකිස්ථානය අනතුරු ඇඟවීය.

ඉරානය චෝදනා කරන්නේ, පකිස්ථාන – ඉරාන දේශසීමාවේ ක්‍රියාත්මක සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන ජයිෂ් අල්-ඇඩ්ල් කණ්ඩායමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සහය දක්වන බව ය. මෙම සංවිධානය ඉරාන ආරක්ෂක හමුදා වෙත මීට පෙර එල්ල කළ ප්‍රහාර රැසක වගකීම භාරගෙන තිබේ. ‘යුක්තියේ සහ සමානාත්මතාවයේ හමුදාව’ හෙවත් ජයිෂ් අල්-ඇඩ්ල් යනු ඉරාන රජයට එරෙහිව ක්‍රියාත්මක වන ආයුධ සන්නද්ධ සටන්කාමී කණ්ඩායමකි. එම කණ්ඩායම තමන්ව හඳුන්වා ගන්නේ, ඉරානයේ සිස්ටාන්-බලුචෙස්ථාන් පළාතේ “සුන්නි අයිතීන් සුරකින්නා” ලෙස ය.

CN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website