ජාත්‍යන්තර පුවත්

සිකුරාදා, 02 පෙබරවාරි 2024 09:19

තායි මැතිවරණය ජයගත් පක්ෂයට වාරණයක්

ඉකුත් වසරේ තායිලන්තයේ මහ මැතිවරණයෙන් ජයගත් ප්‍රෝග්‍රෙසිව් මූව් ෆෝවඩ් පක්ෂය විසින් එරට ක්‍රියාත්මක වන රජ පවුල විවේචනය කරන්නන්ට එරෙහි නීතිය වෙනස් කිරීමට ගෙන යන ක්‍රියාදාමය නතර කරන ලෙස තායිලන්ත ව්‍යවස්ථා අධිකරණය විසින් ඊයේ (31) නියෝග කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් සිය දරුවන්ට හානි සිදු වී ඇතැයි පවසා ඇති පවුල්වලින් ෆේස්බුක් (වර්තමානයේ මෙටා) හා ඉන්ස්ටග්‍රෑම් යන ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලවල හිමිකරු වන මාක් සකර්බර්ග් පෙරේදා (31දා) ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 12:01

ඉම්රාන් ඛාන්ට වසර 14ක තවත් සිරදඬුවමක්

පෙරේදා (30 දා) දිනයේ වසර 10ක සිර දඬුවමක් නියම වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් නියම කිරීමට පකිස්ථාන අධිකරණයක් විසින් ඊයේ (31) පියවර ගෙන තිබේ.

බදාදා, 31 ජනවාරි 2024 10:48

යුරෝපා ගොවීන් විරෝධතාවක

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ගොවීන් සිය දහස් ගණනක් පෙරේදා (29දා) දිනයේ සිට අධිවේගී මාර්ග අවහිර කරමින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම රටවල රජයන්ට බලපෑම් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ජපන් මෝටර් රථ සමාගමක් වන ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන සිය පැරණි මාදිලියේ මෝටර් වාහන 50,000ක තිබෙන වායු බෑග් (එයාර් බෑග්) පිපිරීමෙන් ඒවායේ හිමිකරුවන් මියයෑමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ‘X’ (කලින් ට්විටර්) මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලොන් මස්ක්ට අයත් ‘නියුරලින්ක්’ ස්නායු තාක්ෂණ ආයතනය මගින් ලොව ප්‍රථම වරට සාර්ථක ලෙස සංකීර්ණ ස්නායු ආබාධයකින් පෙළෙන රෝගියකුගේ මොළයට එහි ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි කුඩා කෘත්‍රීම මෙවලමක් (චිප්) බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණය විසින් වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී.

අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:13

යුක්‍රේනයේ දැවැන්ත මුදල් වංචාවක්

යුක්‍රේනයට අයත් උපාය මාර්ගික ව්‍යාපාර අංශ ආරක්ෂක සේවාව මගින් එරට හමුදාව මගින් අවි ආයුධ මිලදී ගැනීමේදී සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුක්‍රේන හමුදා ඉතිහාසයේ වාර්තා වී ඇති මෙම දැවැන්ත වංචාව සම්බන්ධ තොරතුරු යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද තහවුරු කර තිබේ.

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (28දා) එල්ල කරන ලද ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ඊසානදිග ජෝර්දානයේ සිටි ඇමරිකානු හමුදා භටයන් තිදෙනකු මිය ගොස් ඇති අතර තිස්හතර දෙනකු තුවාල ලබා තිබේ.

ටයිම් මාධ්‍යවේදීන් රැසක් ගෙදර යවති

සියදිවි නසා ගැනීම් තුන් ගුණයකින් ඉහළ යයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website