අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:11

ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළු 3ක් මරුට Featured

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (28දා) එල්ල කරන ලද ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ඊසානදිග ජෝර්දානයේ සිටි ඇමරිකානු හමුදා භටයන් තිදෙනකු මිය ගොස් ඇති අතර තිස්හතර දෙනකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමරිකානු හමුදා භටයන් අට දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වේ. ඉකුත් ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර සටන් ඇවිලීමෙන් පසු ඇමරිකානු හමුදාවන්ට එරෙහිව එල්ල වූ ප්‍රථම මාරාන්තික ප්‍රහාරය මෙය ලෙස සැලකේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස් කරමින් සිටියද එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිරියාවේ හා ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ඉරානයේ සහාය ලබන රැඩිකල්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් බව වාර්තා වී ඇති බවයි.

මෙම ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. විවිධ පාර්ශ්වයන්ගෙන් මෙම ප්‍රහාරයට එරෙහිව ඉරානයට පහර එල්ල කරන ලෙස ජනාධිපති බයිඩන්ට එල්ල වන බලපෑම්ද වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නේවාසික නියෝජිතයා පවසා ඇත්තේ ඉරානය මෙම ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවයි. කෙසේ වුවද මෙම ප්‍රහාරයත් සමගම මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය තවත් වර්ධනය වන ලකුණු දක්නට ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website