ජාත්‍යන්තර පුවත්

සදුදා, 15 ජනවාරි 2024 12:20

තායිවානයේ නව ජනාධිපති

තායිවානයේ නව ජනාධිපති ලෙස පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂයෙන් ඉදිරිපත්වූ තායිවානයේ වත්මන් උප ජනාධිපති ලායි චින්ග් තේ මහතා තේරී පත්විය.

සදුදා, 15 ජනවාරි 2024 12:17

බස් අනතුරකින් 12 ක් මරුට

නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රතු මුහුදේ ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන් පළමු වරට යුද අභ්‍යාසයක් පවත්වා ඇත.

චීනයේ ගල් අඟුරු පතලක සිදුවු අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

ඉරිදා, 14 ජනවාරි 2024 10:13

බුද්ධා බෝයි අත්අඩංගුවට

බුද්ධා බෝයි ලෙස ලොව ප්‍රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් ලිංගික අපයෝජන චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ සාමකාමී රාජ්‍යයක් ලෙස පැවති ස්වීඩනයේ යුද්ධයක් හටගත හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස එරට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් දෙදෙනකු විසින් ජනතාවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීමක් හේතුවෙන් ස්වීඩන් ජාතිකයන් අතර දැඩි කණස්සල්ලක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් සියයට 50ක් දක්වා වූ ප්‍රතිශතයක් අඩු කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් පැපුවානිව්ගිනි රාජ්‍යයේ පෙරේදා (10දා) හටගත් කැරළි කෝලහාල හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇති අතර කෝපයට පත් ජනතාව කඩසාප්පු, සුපිරි වෙළෙඳසල් හා මෝටර් රථ ගිනි තබමින්

ගාසා තීරයේ භූගත උමං මාර්ගවල ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි බවට සාක්ෂි හමුව තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:39

හවුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා 18ක් වනසයි

හමාස් සංවිධානයට සහය දක්වන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නැව් වෙත පහර දීම සඳහා යවන ලද ඩ්‍රෝන යානා 18ක් පහර දී බිම හෙළීමට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අයත් මධ්‍යම අණදෙන ඒකකය විසින් ඊයේ(10) පියවර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:38

ඉන්දීය තරුණියක් භාෂා 140 කින් ගයා ගිනස් පොතට

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ 18 හැවිරිදි තරුණියක් ඩුබායි නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකදී භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website