ඉරිදා, 14 ජනවාරි 2024 10:40

චීනයේ ගල් අඟුරු පතලක අනතුරක් Featured

චීනයේ ගල් අඟුරු පතලක සිදුවු අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

තවත් කම්කරුවන් 08 දෙනෙකු අතුරුදන්වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ඔවුන් එම අනතුරට මුහුණ පා ඇතැයි ද පැවසෙයි.

චීනයේ හෙනාන් පළාතේ පිහිටි ගල් අඟුරු පතලක් තුළ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරත් සමග පතල තුළ සිරවූ කම්කරුවන් 380 දෙනෙකු බලධාරීන් විසින් සාර්ථකව මුදාගෙන තිබේ.

අනතුරුව කම්කරුවන් 45 දෙනෙකු අතුරුදන්ව සිට තිබුණි.

ඉන් 08 දෙනෙකු මියගොස් ඇතැයි මේ වනවිටත් තහවුරුවී ඇති බව සඳහන් ය.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website