සදුදා, 15 ජනවාරි 2024 12:20

තායිවානයේ නව ජනාධිපති Featured

තායිවානයේ නව ජනාධිපති ලෙස පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂයෙන් ඉදිරිපත්වූ තායිවානයේ වත්මන් උප ජනාධිපති ලායි චින්ග් තේ මහතා තේරී පත්විය.

ඉකුත් 12 වැනිදා සවස ඔහු සිය ජයග්‍රහණය ප්‍රකාශ කළේය.

චීන විරෝධී කඳවුරක් නියෝජනය කරමින් ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් විය.

එහිදී ඔහු ඡන්ද 5,586,019 ක් ලබා සියයට 40.01% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ජයග්‍රහණය ලැබීය.

මෙලෙස ලක්ෂ 50 කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසට ඔහු වාර්තාවක් ද තබා ඇත.

චීනයට වඩා ඇමරිකාවට වැඩි සමීප බවක් දක්වන නායකයකු ලෙස ලායි චින්ග් තේ මහතා ප්‍රසිද්ධියට පත්ව සිටියි.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website