සිකුරාදා, 12 ජනවාරි 2024 08:57

ගාසා තීරයේ භූගත උමං මාර්ගවල ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි බවට සාක්ෂි Featured

ගාසා තීරයේ භූගත උමං මාර්ගවල ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි බවට සාක්ෂි හමුව තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරන්නේ ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ පිහිටි භූගත උමගක ප්‍රාණ ඇපකරුවන් රැඳී සිටි බවට සාක්ෂි ලැබී ඇති බවයි.

පැල්පත් නිවාස කිහිපයක් අසලින් මෙම උමගේ දොරටුව පිහිටා තිබෙනවා.

තාවකාලික ඉණිමඟක් ඔස්සේ මීටර් 2.5 ක් පහළින් ඇති පටු භූගත මාර්ගයට යොමු වීමට හැකි වන පරිදි එය නිර්මාණය කර තිබෙනවා.

මෙම උමගේ ප්‍රාණ ඇපකරුවන් සිටි බවට ඩී එන් ඒ සාම්පල පරීක්ෂාවෙන් තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් එහි සිටියේ කවදාද හෝ ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

IN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website