බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:39

හවුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා 18ක් වනසයි Featured

හමාස් සංවිධානයට සහය දක්වන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නැව් වෙත පහර දීම සඳහා යවන ලද ඩ්‍රෝන යානා 18ක් පහර දී බිම හෙළීමට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අයත් මධ්‍යම අණදෙන ඒකකය විසින් ඊයේ(10) පියවර ගෙන තිබේ.

දකුණුදිග රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රායල හමුදාවන්ට පක්ෂපාති ජාත්‍යන්තර නැව් ඉලක්ක කරමින් යවන ලද ඩ්‍රෝන යානා මෙසේ විනාශ කර ඇති බව ඇමරිකානු හමුදා පවසයි. ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදට එල්ල කළ නෞකා නාශක කෲස් මිසයිල දෙකක් හා නෞකා නාශක බැලිස්ටික් මිසයිලයක් ද පහර දී බිම හෙළුෑ බව එම හමුදා කියයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website