සෙනසුරාදා, 13 ජනවාරි 2024 08:45

යුද්ධයකට සූදානම් වන්නැයි ස්වීඩන ජාතිකයන්ට නිවේදනයක් Featured

දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ සාමකාමී රාජ්‍යයක් ලෙස පැවති ස්වීඩනයේ යුද්ධයක් හටගත හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස එරට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් දෙදෙනකු විසින් ජනතාවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීමක් හේතුවෙන් ස්වීඩන් ජාතිකයන් අතර දැඩි කණස්සල්ලක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ස්වීඩනය නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ආසන්නව සිටින අවස්ථාවක එරට සිවිල් ආරක්ෂක ඇමැති කාල් ඔස්කාර් බෝලිං හා ප්‍රධාන හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් මිකායල් බයිඩන් විසින් ජනතාවට අනතුරු අඟවමින් පවසා ඇත්තේ ඉදිරියේදී ස්වීඩනයේ යුද්ධයක් හටගත හැකි බවයි. මේ හේතුවෙන් සෑම ස්වීඩන් ජාතිකයකුම මානසික වශයෙන් යුද්ධයකට සූදානම් විය යුතු බව ඔවුහු සඳහන් කර තිබේ.

කෙසේ වුවද අදාළ යුද අනතුරු ඇඟවීම සිදු කර ඇති ආකාරය හා ඒ සඳහා යොදාගෙන ඇති වචන රටාව සම්බන්ධයෙන් ස්වීඩනයේ විරුද්ධ පක්ෂ මෙන්ම හිටපු ස්වීඩන අගමැතිනියක වන මැග්දලෙනා ඇන්ඩසන් සිය විරෝධය පළ කර තිබේ. හිටපු ස්වීඩන අගමැතිනි මැග්දලෙනා ඇන්ඩසන් ස්වීඩන රූපවාහිනි සේවාවකට අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ මොහොතේ රටේ ආරක්ෂක තත්ත්වය බරපතළ මට්ටමක පැවතියද එය යුද්ධයක් නිවසේ දොරෙන් පිට පවතින තත්ත්වයක් නොමැති බවයි. ස්වීඩනයේ ළමා අයිතිවාසිකම් සංවිධානය වන බ්‍රිස් සංවිධානය පවසා ඇත්තේ ස්වීඩනයේ ප්‍රධාන පෙළේ ආරක්ෂක බලධාරීන් දෙදෙනකු රටේ යුද්ධයක් හටගනු ඇතැයි කරන ලද අනතුරු ඇඟවීමෙන් පසු බොහෝ තරුණ ස්වීඩන ජාතිකයක් සිය උපකාරක සේවා දුරකථන අංකයට අමතා ඒ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කර ඇති බවයි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website