ජාත්‍යන්තර පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන්ට පළිගැනීමක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයට පෙරේදා (18දා) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 07 දෙනකු මිය ගොස් තිබේ.

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:08

ඔස්ට්‍රේලියාවේ කුහුඹු වසංගතයක්

මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ටේ්‍රලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:03

ඉරානයෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර

පකිස්ථානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ‘ජයිෂ් අල් -අඩ්ල්’ කණ්ඩායමට අයත් ස්ථාන දෙකකට ඉරානය, විසින් පෙරේදා(16) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථානය විසින් නිවේදනය කර තිබේ.

පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරයට වඩා පීඩාකාරි බවෙන් හා අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ළමා පිළිකා රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බැලීමට එංගලන්ත සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන තිබේ.

ලෝකයේ ඉතා කලාතුරකින් වාර්තා වන අතිශය දුලබ අඩක් – පිරිමි, අඩක් – ගැහැනු පක්ෂියකු කොලොම්බියාවෙන් හමුව ඇත. මෙවැනි සොයාගැනීම් ලේඛනගත කළ විශේෂඥයන්ට අනුව වසර 100කට වැඩි කාලයක් තුළ වාර්තා වී ඇත්තේ මෙවැනි තවත් එක් සිද්ධියක් පමණි.

ඉන්දීය ගුවන් මගියෙකු සිය ගුවන් යානයේ නියමුවාට පහරදුන් පුවතක් දිල්ලි ගුවන් තොටුපළෙන් වාර්තාවේ.

යේමනයේ පිහිටි හවුති කැරලිකරුවන්ගේ මිසයිල විදින මධ්‍යස්ථාන 13ක් සිය හමුදා ප්‍රහාරවලින් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බව එංගලන්ත අගමැති රිෂි සුනක් පවසා තිබේ.

අඟහරුවාදා, 16 ජනවාරි 2024 10:08

අමෙරිකාවට දරුණු හිම පතනයක්

අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දරුණු හිම පතනයකින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website