ඉරිදා, 21 ජනවාරි 2024 13:55

Xpres Pearl නෞකා අනතුරේ වන්දි සීමාවලට එරෙහිව බ‍්‍රිතාන්‍ය අධිකරණයේ විරෝධතා…. Featured

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර එම අධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටාර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීමට සීමා පැනවිණ.

මේ අතර සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පළමු සාක්ෂිකරු ලෙස හර්බර් මාස්ටර්වරයා ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website