සිකුරාදා, 19 ජනවාරි 2024 09:33

එංගලන්තයේ රජු හා වේල්ස්හි කුමරිය රෝගාතුර වේ Featured

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

පිළිකාවක් නොවන උදරයේ ආබාධයක් සඳහා රෝහල්ගත කර සිටි වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර ඇය මේ වන සිට සුවය ලබමින් පසු වන බවත් තවත් සති දෙකක කාලයක් රෝහලේ නේවාසිකව සිටීමට සිදු වන බව මාලිගය විසින් සඳහන් කර තිබේ.

මේ අතර තුන්වැනි චාල්ස් රජු ප්‍රොස්ටේට් ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වයට ප්‍රතිකාර ලැබීම සඳහා ලබන සතියේ රෝහල්ගත වීමට නියමිතව ඇති අතර ප්‍රතිකාර ලබන කාලසීමාවේ රජුගේ නිල කාර්යයන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වී තිබේ. මේ වන විට සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටින වේල්ස් හි කුමරියට තවත් සති දෙකක කාලයක් රෝහලේ විවේක ගැනීමට සිදු වීම හේතුවෙන් ඇය සිය නිල රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටින අතර ඇය හා දරුවන් සමග කාලය ගත කිරීම සඳහා ඔටුන්න හිමි විලියම් කුමරු ද ඉදිරි සතිවලදී සිය රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට නියමිතව ඇති බව ප්‍රකාශ කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website