බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 07:59

කීමෝතෙරපිවලට වඩා සැර අඩු පිළිකා ප්‍රතිකාරයක් Featured

පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරයට වඩා පීඩාකාරි බවෙන් හා අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ළමා පිළිකා රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බැලීමට එංගලන්ත සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන තිබේ.

මේ වන විට වැඩිහිටි පිළිකා රෝගීන් සඳහා භාවිත කිරීමට සහතික කර ඇති ‘බ්ලයිනා’ ප්‍රතිකාරය ලියුකේමියා රෝගයෙන් පෙළෙන කුඩා ළමුන් සඳහා ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති බව බී බී සී පුවත් සේවය විසින් වාර්තා කර තිබේ.

ලිම්පෝබ්ලාස්ටික් ලියුකේමියා රෝගයෙන් පෙළෙන කුඩා ළමුන් සඳහා එංගලන්තය පුරා පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන 20 ක් තුළ මෙම ප්‍රතිකාරය සාර්ථක ලෙස ළමා පිළිකා රෝගීන්ට ලබා දීම සිදු වන බව වාර්තා වී තිබේ. බැටරියකින් ක්‍රියාත්මක වන පොම්පයක් හරහා සිරුරට යවන දියරමය ප්‍රතිකාරයක් වන බ්ලයිනා ප්‍රතිකාරය මගින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශකිරීමට මගපෙන්වන බව වෛද්‍යවරු පවසති.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website