බදාදා, 17 ජනවාරි 2024 16:11

භාගයක් පිරිමි භාගයක් ගැහැනු කුරුල්ලෙක් කොලොම්බියාවේ Featured

ලෝකයේ ඉතා කලාතුරකින් වාර්තා වන අතිශය දුලබ අඩක් – පිරිමි, අඩක් – ගැහැනු පක්ෂියකු කොලොම්බියාවෙන් හමුව ඇත. මෙවැනි සොයාගැනීම් ලේඛනගත කළ විශේෂඥයන්ට අනුව වසර 100කට වැඩි කාලයක් තුළ වාර්තා වී ඇත්තේ මෙවැනි තවත් එක් සිද්ධියක් පමණි.

කොළ පැණි කුරුල්ලා ලෙසින් හඳුන්වන මෙම පක්ෂියාගේ වම් පැත්තේ පිහාටු, එම විශේෂයේ ගැහැනු සතුන්ට ආවේණික වර්ණය වන කොළ පැහැයෙන් යුක්ත වූ අතර, දකුණු පැත්තේ පිහාටු පිරිමි පක්ෂීන්ට ආවේණික නිල් පැහැයෙන් යුක්ත විය. කොලොම්බියාවේ මැනිසාලෙස් නගරයට කිලෝමීටර් 10ක් පමණ නිරිත දෙසින් පිහිටි දොන් මිගෙල් ස්වභාවික රක්ෂිතයේදී ආධුනික පක්ෂි විශේෂඥ ජෝන් මුරිලෝ විසින් මේ පක්ෂියා හඳුනාගෙන ඇත.

නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන පරිණාමීය ජාන විද්‍යාඥ හේමිෂ් ස්පෙන්සර් බීබීසී ලෝක සේවයට පවසා ඇත්තේ කුරුල්ලන්ගේ ද්විරූප පිහාටු ඇති වෙන්නේ ශරීරයේ හෝමෝන වෙනසකට වඩා, ඒ අවට සෛලවල වර්ණදේහ සංයුතිය අනුව බවයි.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website