බදාදා, 17 ජනවාරි 2024 16:08

යානය ප්‍රමාද වන බව කීවිට ඉන්දීය ගුවන් මගියෙක් නියමුවාට පහර දීලා Featured

ඉන්දීය ගුවන් මගියෙකු සිය ගුවන් යානයේ නියමුවාට පහරදුන් පුවතක් දිල්ලි ගුවන් තොටුපළෙන් වාර්තාවේ.

ඉරිදා (14 දා) දිනයේ පැවැති අධික මීදුම් තත්ත්වය නිසා ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක නියමුවා ප්‍රකාශ කර ඇත්තේ ගමන පැය කිහිපයක් ප්‍රමාද වන බවය.

මෙහිදී කෝපවූ මගියෙක් පැමිණ නියමුවාට පහරදෙන ආකාරය සමාජ මධ්‍යයෙහි පවා පළවී තිබේ. කහ පැහැති ඇඳුමකින් සැරසී සිටි මේ මගියාට එරෙහිව නියමුවා විසින් පැමිණිල්ලක් කර ඇති අතර බලධාරීන් විසින් මගියා අත්අඩංගුවට ගෙන තිබේ. මේ යානය දිල්ලියේ සිට ගෝව බලා පියාසර කිරීමට නියමිතව තිබිණි.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website