බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:03

ඉරානයෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර Featured

පකිස්ථානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ‘ජයිෂ් අල් -අඩ්ල්’ කණ්ඩායමට අයත් ස්ථාන දෙකකට ඉරානය, විසින් පෙරේදා(16) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථානය විසින් නිවේදනය කර තිබේ.

ඉරානය විසින් එල්ල කර ඇති මෙම මිසයිල ප්‍රහාරය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇති පකිස්ථාන රජය මෙම ක්‍රියාව බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බවට අනතුරු අඟවා තිබේ. පකිස්ථානයේ තෝරාගත් ස්ථාන දෙකකට ප්‍රහාරයන් එල්ල කරන ලද්දේ ඉරානයේ ආරක්ෂාවට තර්ජනයක් වූ නිසා බව ඉරාන රජය පවසයි. ඉරාන හමුදා විසින් මෙම සතිය ආරම්භයේදී ඉරාකයේ හා සිරියාවේ ඉලක්කයන්ට ද මේ අයුරින්ම මිසයිල ප්‍රහාර එල්ල කර තිබිණි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website