Items filtered by date: ඔක්තෝබර් 2023

ගංවතුර තත්ත්වය හේතුවෙන් ගාල්ලේ වී වගා කරනු ලැබූ අක්කර 2075.29ක බිම් ප්‍රමාණයක වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකිවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්

ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ජේ. ඩබ්ලිව්. එස්. ප්‍රියන්ජන් මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 08:14

එක් තීරයක් – එක් මාවතක් ජගත් සමුළුව ඇරඹේ

03 වන එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල්
130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද බීජිං නුවර මහජන මහා ශාලාවේ
දී ආරම්භ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර
සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින්
පිළිගනු ලැබීය.විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්
, කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව්
, ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්
, ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් යන මහත්වරුන් ද සමුළුව ඇමතූහ.
එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී
පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ
බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර
වූ බවත් සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
අනාගතයේ දී එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට
වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින්
ප්‍රකාශයට පත් කරනු ලැබීය.

DN

ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් නම් නිර්දේශ කිරීමටයි – වජිර

සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කළේය.

දකුණු දිග ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිටීනම්, පහත දුරකතන අංක, වට්ස්ඇප් (WhatsApp) හෝ ඊ මේල් ලිපිනය ඔස්සේ ඔවුන්ගේ නම සහ දුරකතන අංකය හැකි ඉක්මනින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පියවර ගත්තේය.

ගාසා තීරයේ හටගෙන ඇති යුද වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද (18දා) ඊශ්‍රායලයේ සංචාරයක යෙදීමට නියමිතය.

බදාදා, 18 ඔක්තෝබර් 2023 06:57

රටවල් 42ක පුද්ගලයන් ඝාතනය කරලා

හමාස් ත්‍රස්තවාදීන් විසින් රටවල් 42ක පුද්ගලයන් ඝාතනය කර හෝ පැහැරගෙන ගොස් ඇති බව ඊශ්‍රායල් රජය කියයි.

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බවට තහවුරු වී ඇත .ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website