Items filtered by date: ඔක්තෝබර් 2023

පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්නේය.

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා වන විට දසුන් ශානකට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබූ නමුත් එදිනම පස්වරු වන විට දසුන් ශානක කණ්ඩායමට ඇතුලත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණි.

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:24

සහල් හිගයක් මවයි.. වෙලදුන් තොග සගවයි..

වි තොග සඟවමින් ව්‍යාපාරිකයන් විසින් සහල් හිඟයක් ඇති කිරීමට උත්සාහ කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ගාසාතීරයේ ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සදහා රතු කුරුස සංවිධානය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි බෙරට් කුරේ මහතා පැවසීය.

ඊශ්‍රායල් ජෝර්දාන් දේශ සීමාවේදී ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිය පවුල් වෙත මාසිකව එවූ මුදලින් රුපියල් 243,193,250.08 ක් (ඩිරාම් 5,813,766.00 ක්) වංචනිකව සිය බිරිඳගේ හා ඥාතීන්ගේ බැංකු ගිණුම් පහකට ප්‍රේෂණය කළේ යැයි කියන අබුඩාබි හි ‘ඩෙල්මා එක්ස්චේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකාර පොන්වීර ආරච්චිගේ ඉරේෂ වික්‍රමසිංහ නමැති සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බව

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:10

වැසි වැඩිවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:08

ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයන් 27ක්

ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව

පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ පැය 24 ක් සඳහා පමණක් වීම නිසා ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය ඊයේ (16දා) නිවේදනය කළේය.

පැතිර යන අක්ෂි රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය පැවසූවාය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website