බදාදා, 18 ඔක්තෝබර් 2023 06:50

නසීර්ගෙන් හිස් වූ අසුනට අලි සහීර් මවුලානා එයි Featured

පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තුව කලක් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා මහතා දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබ පැතුම් මැද විපක්ෂයේ පසුපෙළ අසුන් ගත්තේය.

අධිකරණ නියෝගයක් අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පසුගියදා අහෝසි වූ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි අලි සහීර් මවුලානා මහතා එම මන්ත්‍රී ධුරයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website