සදුදා, 16 ඔක්තෝබර් 2023 08:51

පැතිර යන ඇස් රෝගයෙන් ගැලවෙන හැටි මෙන්න… Featured

පැතිර යන අක්ෂි රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය පැවසූවාය.

අක්ෂි රෝගය මේ දිනවල බහුලව පැතිරෙම්න් පවතියි.

එම රෝගයෙ රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම,කදුළු ගැලීම සහ ඇස් වල වේදනාව හැඳින්විය හැකිය.

එම රෝග ලක්ෂණ පවතීනම් ඇස් ඇල්ලීමෙන් වැලකීම ඉතා වැදගත් වෙයි.

ඇස් කසනනේනම් ඇස් වසාගෙන සීතල වතුරෙන් මුහුණ සේදීම සුදුසුය.

මෙම රෝගය වළක්වා ගැනීම සදහා ඇසට බාහිරින් කිසිම දෙයක් ඇතුළු නොකර යුතු බව පැවසුවාය.

විවිධ දෑ මගින් ඇස් සේදීමට ගියහොත් වෙනත් බැක්ටිරියාවක් හෝ දිලීරයක් ඇසට ඇතුළු විය හැකිය. එසේ වුවහොත් තත්ත්වය භයානක විය හැකිය.

රෝග ලක්ෂණ පවතින්නේනම් හැකිතාක් හුදකලා සිටීම ඉතා වැදගත් බව පැවසුවාය.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website