Items filtered by date: ඔක්තෝබර් 2023

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:06

හෙද සටන එන සතියේ දැඩි වෙයි

හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දැමීම, පුහුණුව අවසන් කළ හෙද උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුළු හෙද සේවාව රැක ගැනීමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග එළඹෙන සතියේ සිට දැඩි කිරීමට සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (12 දා) තීරණය කර ඇත.

මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව පැවසූ ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කොමුරා මසහිරෝ( Komura Masahiro) මහතා කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කළේ ය.

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ශෝක පණිවුඩයක් මෙහි දැක්වෙයි.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:40

පාර දෙපස ගස් කපන්න ලොකු සාකච්චාවක්…

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:35

ඊශ්‍රායලයෙන් ලෙබනනයටත් ප්‍රහාර

ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයට අයත් ගාසා තීරයේ තෝරා ගත් ඉලක්කවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියදී ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන, තවත් ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානය, හමාස් අන්තවාදීන්ට සහය පළ කරමින් උතුරුදිග ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඊයේ (11දා) සවස වාර්තා විය.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:32

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු වියයුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website