බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:44

ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි… Featured

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ශෝක පණිවුඩයක් මෙහි දැක්වෙයි.

‘ජැක්සන් ඇන්තනීලාගේ කලා පරම්පරාවේ පුරෝගාමියෙකු වූ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතියේ මෙසේ සඳහන් ය.

“ලොව වෙසෙන අප සියල්ලම මේ සත්‍යයට යටත්ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.”

බහු විධ කලා නිපුණයකු වූ ජැක්සන්ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මනින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.

ඔහුගේ නික්මීම ලාංකේය කලා නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති මහත් පාඩුවක් සේ මම දකිමි.

පසුගිය දින කීපය පුරා බොහෝ දෙනෙක් ජැක්සන්ගේ නිර්මාණ භූමිකාව ගැන අදහස් දැක්වූහ. එහිදී අතපසු වූ එක් කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් කිරීමට මම කැමැත්තෙමි.ඒ ඔහු නවකතාකරුවකු ලෙස දැක්වූ ප්‍රතිභාවයි.

“කන්ද උඩ ගින්දර” ජැක්සන් ලියූ මුල්ම නවකතාවයි. එහි දෙවන කොටස ලියන්නට ජැක්සන් සූදානමින් සිටි බව මම දනිමි. නමුත් එය අවසන් කර ගන්නට කලින් ඔහුගේ ජීවිතය අවසන් විය. එය ද කනගාටුවට කරුණකි”.

ඔහුගේ අභාවය පිළිබඳව මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයන් හා නෑදෑ හිත මිතුරන් වෙත මෙසේ පිරිනමමි.

අවසාන වශයෙන් තවත් කරුණක් සඳහන් කළ යුතුය.ජැක්සන් ගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් තියුණු විවේචනයන්ට බඳුන් වූ අවස්ථා තිබිණි.ඒ වගත් සිහිපත් කරමින් ඔහු අනු දත් ධර්මයට අනුව බයිබලයේ එන මේ වැකි කීපය උපුටා දක්වනු කැමැත්තෙමි.

” විනිශ්චය නොකරන්න ,එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය.ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.(බයිබලය-නව ගිවිසුම)

බහුවිධ කලා කුසලතාවන්ගෙන් සපිරි ජැක්සන් ඇන්තනීට මෝක්ෂ සුවය ලැබේවා’

රනිල් වික‍්‍රමසිංහ
ශ‍්‍රී ලංකා ජනාධිපති

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website