අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:45

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් 1100කට වැඩි පිරිසක් මරුට Featured

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගොස් ඇති පිරිසෙන් බහුතරය වන 700කට අධික පිරිස හමාස් අන්තවාදීන්ගේ ප්‍රහාරයන් හේතුවෙන් ඊශ්‍රායලයේදී මිය ගොස් ඇති අතර පලස්තීනයට අයත් ගාසා තීරයේ වැසියන් 436 දෙනෙකු ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ. හටගෙන ඇති යුද වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ සිටි ඇමරිකානුවන් තිදෙනෙකු ගාසා තීරයට ආසන්න ප්‍රදේශයකදී මරණයට පත්ව ඇති අතර තායිලන්ත ජාතිකයන් 12 දෙනකු ද ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පලස්තීනයේ සිටින හමාස් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දකුණු දිග ඊශ්‍රායලයේ කාන්තාරයක පැවැත්වූ සුපර්නෝවා සංගීත උළෙලට සහභාගී වූ 260 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ. හමාස් අන්තවාදීන් පවසා ඇත්තේ ඔවුන් විසින් ඊශ්‍රායල හමුදා භටයන් ඇතුළු 100 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි. ඉකුත් සෙනසුරාදා පලස්තීනයේ සිටින හමාස් අන්තවාදීන් විසින් මුහුදෙන්, ගුවනින් හා ගොඩබිමෙන් ඊශ්‍රායලයට එරෙහිව එකවර දියත් කළ ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායල හමුදා හා අන්තවාදීන් අතර යුද්ධයක් හට ගැනිණි. ඊශ්‍රායල හමුදා විශේෂඥයෙකු හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ඉකුත් සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරය හඳුන්වා දී ඇත්තේ 2011 වසරේ සැප්තැමබර් 11 වැනිදා අල් ක්වයිදා සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය හා සමාන වූ ප්‍රහාරයක් ලෙසයි. තවත් ඊශ්‍රායල හමුදා විශේෂඥයෙකු මෙම ප්‍රහාරය සමාන කර ඇත්තේ 1941 වසරේදී ජපන් හමුදාව විසින් ඇමරිකාවේ පර්ල් වරායට එල්ල කළ ප්‍රහාරයටයි. කෙසේ වුවද ලොව බලගතු හමුදාවක් සිටින ඊශ්‍රායලයේ ඔත්තු සේවාවන්ට මෙම හමාස් අන්තවාදීන්ගේ ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම පිළිබඳව ඊශ්‍රායල වැසියෝ විමතියට පත්ව සිටින බව වාර්තා වී තිබේ. මේ අතර පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් ගණනාවක් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් නගරයට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website