සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:06

හෙද සටන එන සතියේ දැඩි වෙයි Featured

හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දැමීම, පුහුණුව අවසන් කළ හෙද උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුළු හෙද සේවාව රැක ගැනීමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග එළඹෙන සතියේ සිට දැඩි කිරීමට සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (12 දා) තීරණය කර ඇත.

සිය ඉල්ලීම් ඇතුළත් ලිපිය ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සියලු බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් මේ වන තුරු විසඳුම් නොලැබීම හේතුවෙන් සිය සංගමය මෙම තීරණයට පැමිණි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) සඳහන් කළේය.

හෙද උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 3000 ක් සිටියදී ඉන් 1000 කට පමණක් පත්වීම් ලබාදීමට පියවරගෙන ඇති බැවින් එයට එරෙහිවද ලබන සතියේ දී විශ්වවිද්‍යාල උපාධිධාරී සිසුන් ඔවුන්ගේ දෙමාපියන් ඩිප්ලෝමාධාරීන් සහ ජනතාවද ඒකරාශී කර ගනිමින් මෙම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බව මැදිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

හෙද සේවාව රැක ගැනීමේ අරමුණින් සමස්ත ලංකා හෙද සංගමය පසුගිය මස 26 දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම විරෝධතා මාලාව ආරම්භ කර තිබිණි.

සුජීව තත්සර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website