අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:19

ඊශ්‍රායලයේ ලාංකික කාන්තාවන් දෙදෙනකු පැහැරගනී.. තවත් කාන්තාවක් හමාස් ග‍්‍රහණයේ.. Featured

ඊශ්‍රායල් ජෝර්දාන් දේශ සීමාවේදී ශ‍්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔවුන් පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවයි.

මේ අතර ජෝර්දාන දේශසීමාව හරහා නීති විරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රාලයේ ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගෙන ඇත.

ජෝර්දාන් සහ ඊශ්‍රායල හමුදා ඒකාබද්ධව සිදුකර සෝදිසි මෙහෙයුමකදි ඒ ආශ්‍රිත ප්‍රදේශයක සිටියදි කාන්තාවන් දෙදෙනා අත්තඩංගුවට ගෙන තිබේ.

මේ දක්වා එම කාන්තාවන් දෙදෙනා රදවා ගෙන ප්‍රශ්න කිරීම සිදුවෙයි.

පසුව එම කාන්තාවන් දෙදෙනා ජෝර්දානය වෙත පිටත්කිරීමට නියමිත බව පැවසීය .

මේ අතර ඊශ්‍රායල් සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී හමාස් කණ්ඩායම් අතින් ඝාතනයට ලක් වූ බව පැවසුනු කාන්තාව ජීවතුන් අතර බව දැක්වෙන වීඩියෝවක් ද සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ. ඇය හමාස් අත්අඩංගුවේ සිටින ආකාරය එම වීඩියෝවෙන් දැක්වෙයි. මෙතෙක් ඇය මිය ගියේ යයි ස්ථිර තොරතුරක් ලැබී නැත.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website