බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 08:10

පොලිස්පති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට හෝ ජනපතිටයි Featured

ව්‍යවස්ථාදායක සභාවට පුළුවන් නම් නිර්දේශ කිරීමටයි – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමටත්, ඉවත් කිරීමටත් බලය පවතින්නේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (18දා) පැවසීය.

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට බලය පවතින්නේ පොලිස්පතිවරයාගේ නම් නිර්දේශ කිරීමට යැයි ද අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

ජනාධිපතිවරයා සහ පොලිසිය භාර ඇමැතිවරයා රටේ නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් සති තුනකට හිටපු පොලිස්පතිවරයා පත් කර තිබියදී ඔහු ව්‍යවස්ථාදායක සභාව විසින් ඉවත් කර ඇති බවත් ඔහු නැවත එම ධුරයට පත් කිරීම ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව සිදුකර ඇති බවත් අබේවර්ධන මහතා කීය.

මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ දරන බවට ප්‍රචාරයක් ගෙනයන බවත් එය බලයට පැමිණීමට අදහස් කරගෙන සිටින පිරිස් විසින් ගෙනයන ප්‍රචාරයක් මිස සත්‍ය දෙයක් නොවන බවත් ඒ මහතා කීය. ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් කාලය තුළ නියමිත ලෙස එම මැතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපති ධුරය ලබාගැනීමට ආරාධනා කළ අවස්ථාවේ එය භාර නොගෙන මගහැර ගොස් රනිල් වික්‍රමසිංහ මහතා එම භාරදූර වගකීම භාරගෙන රට යම් ස්ථාවරයකට පත්කරගෙන යන විට නැවත අසත්‍ය පතුරවමින් රට වෙනත් මගකට ගෙන යෑමට ඇතැමුන් උත්සහ දරන බවත් අබේවර්ධන මහතා කීය.
චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website