Editor

Editor

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් හය දෙනෙකු නව සහකාර අධිපතිවරුන් ලෙස උසස් කර ඇත.

න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය.

රුසියානු හමුදාවන්ට අයත් ‘ඉලියුෂින් -76’ වර්ගයේ යුද ප්‍රවාහන ගුවන් යානයක් රුසියානු-යුක්‍රේන දේශසීමාවේ පිහිටි කලාපයකට ඊයේ (24) කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් 74 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

යේමනයේ සිටින ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගේ කඳවුරුවලට පහර දීම අරඹා ඇති ඇමරිකානු හමුදාවන් ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ‘කටයිබ් හෙස්බොල්ලා’ ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයකට අයත් කඳවුරු තුනකට ද පෙරේදා(23) ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය තුළ බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සේවා සංගමය පවසයි.

විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදෙන ලදී.

අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබියදී උද්ඝෝෂණය කළ වරදට සේවය අත්හිටවූ ලංවීම කවුළු ලිපිකරුවන් හැටඅට දෙනා අතර එම දිනයන්හි රාජකාරී කළ අයකු සිටින බව වෘත්තීය සමිති කියා සිටිති.

මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායලයට අයත් කලාපයේ කඩා දැමීමට නියමිතව තිබූ ගොඩනැඟිලි දෙකකට පෙරේදා (22දා) සවස එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් හේතුවෙන් එම ගොඩනැඟිලිවල සිටි ඊශ්‍රායල හමුදා භටයන් 21 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website