Editor

Editor

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 14:01

ඡන්දෙට බෙදූ බාර් ලයිෂන් සියල්ල අහෝසියි…

පසුගිය රජය විසින් අවිධිමත් ආකාරයෙන් නිකුත් කර තිබූ මත්පැන් බලපත්‍ර සියල්ල වහා අත්හිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ.

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 13:51

අමාත්‍යංශ 15කට ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් අමාත්‍යංශ 15ක් සඳහා විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා පැවරීමට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 11:02

විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාරගනී

අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා (25 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයක දී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගාසා තීරයේ සහ දකුණු ලෙබ­න­නයේ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට විරෝ­ධ­තාව පළ කර­මින් යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඊයේ ටෙල් අවීව් නුව­රට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදේශ ගමන් බල­පත්‍ර හත්ලක්ෂ පන­ස්ද­හ­සක් පෞද්ග­ලික සමා­ගම් දෙක­කින් මිලදී ගැනී­මට පසු­ගිය ආණ්ඩුව ගනු ලැබූ කැබි­නට් මණ්ඩල තීර­ණ­යක් ක්‍රියා­ත්මක කිරීම වළ­ක්වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නිකුත් කරන ලදි.

සංචාරක අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක දී ප්‍රධාන ආයතනවල හිටපු සභාපතිවරු හතර දෙනෙක් ඉල්ලා අස්වීමට නියමිතය.

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා ආරම්භ කර ඇත.

සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:10

පොහොර සහනාධාරය රු.25,000ට නංවයි

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 01 වැනිදා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website