Editor

Editor

සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:02

ඇමරිකානු ජනපතිගෙන් අනුරට සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙයි.

ලබන වසරේ පෙබරවාරි දක්වා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවී ඇති නාසා ආයතනයේ ගගනගාමීන් වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී එහි සිට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් අසූ පස් දෙනකොට විශ්‍රාම වැටුම අහිමිවී තිබේ.

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:36

මැදපෙරදිග යුද්ධයට සහාය එපා අමෙරිකාව පුරා විරෝධතා

මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත කිරීමට ඊශ්‍රායලයට සහාය නොදෙන ලෙස ඉල්ලා පලස්තීන සහ ලෙබනන් හිතවාදීන් අමෙරිකාව පුරා විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:34

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක්

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2024 12:29

මහ මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website