රතු මුහුදේ හවුති කැරැලිකරුවන්ට ආයුධ ජාවාරමේ නිරත වූ බවට පාකිස්තාන ජාතිකයන් සිව්දෙනකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බලුකිස්තානයේ සිසුන් අතුරුදන්වීම සම්බන්ධ වගකීම රජය භාර නොගන්නා බව පාකිස්තාන භාරකාර රජයේ අගමැති අන්වර් උල් හක් ඉස්ලාමාබාද් මහාධිකරණයේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(L – R) දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම් – AAC) ටෙලක්ෂි ලියනාරච්චි (කළමනාකරු – AAC), හර්ෂ පඬුවාවල (Exco සාමාජික – AAC), ධම්මික ආටිගල (සභාපති – AAC) සහ ටිනෝ ෆ්රූහ් (Wurth කණ්ඩායමේ භාණ්ඩ ජාත්‍යන්තර අංශය),
වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදලක් (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.