ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මිල දී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 11කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (1) අත්අඩංගුවට ගත්තේය.
ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් පෙරේදා (29) දුන් නියෝගයකට අනුව වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ඊයේ (1) පෙරවරු 9.00ට පමණය.
එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ විමර්ශනවලින් හෙළි වූ මිල දී ගැනීම්වලට අදාළ අලුත් තත්ත්වයන් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 31 දාය. එහිදී පැය 10ක පමණ කාලයක් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි. අධිකරණය දුන් නියෝගයකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහුගේ කාර්යාලයටද මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. අනතුරුව එම කාර්යාලයේ තිබුණු වැදගත් ලියකියවිලි කිහිපයක්ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබිණි.
DMN