මේ ප්‍රහාරය සිදු වී ඇත්තේ එදිනම කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි බැතිමතුන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී පැය කිහිපයකට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායමක් බවට පොලිසිය සැක කරන බවත්, ආයුධ සන්නද්ධ විශාල පිරිසක් යතුරුපැදිවලින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මුස්ලිම් දේවස්ථානයේ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
DMN